විදුහල්පති පණිවිඩය
විද්‍යාකර මහ විද්‍යාලය

වසර 133ක පෞඪ ඉතිහාසයකට හිමිකම් කියන්නා වූ ර/විද්‍යාකර මහ විද්‍යාලය ඕපනායක සහ අවට ප්‍රදේශවාසී ගම් රැසක මණහස පාදන උතුම් තක්සලාවකි. 2021 වර්ෂයේ සිට රජයේ ජාතික පාසල් දහස යටතට අයත් වූ පාසලක් වීමද සුවිශේෂත්වයකි.
දූදරුවන් 1022ක් අධ්‍යාපනය ලබන 6 වසරේ සිට 13 දක්වා පංතිපැවැත්වෙන අපපාසල් ආචාර්ය මණ්ඩලය 60 දෙනෙකුගෙන් සමන්විත වේ. උසස් පෙළ විෂය ධාරා ලෙසින් කලා විද්‍යා ගණිත වාණිජ සහ තාක්ෂණ යන විෂය ධාරා ක්‍රියාත්මක වන අතර 2021 වර්ෂයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය වැඩසටහන ආරම්භ කිරීම නිසා විභාග අසමත් වන දරුවන්ටද පාසල් අද්‍යාපනය ලබා වෘත්තීය පුහුණුවට පිවිසීමට අවස්ථාව ලබාදීමමට හැකි වීම අප ලද භාගයකි.
දිරිය නැණ ගුණ සපිරි සිසු කැළක් බිහිකිරීමේ උදාරතර දැක්ම යටතේ අනාගත වැඩ ලෝකයට අවැසි නිපුනතා සපිරි සිසු පිරිසක් දැයට දායාද කිරීමේ අදිටනක් කැපවීමෙන් දරුවන් උදෙසා සේවයකරන ආචාර්ය මණ්ඩලයක් පාසලේ සිටීම ඔබ ලද භාග්‍යකි. දරුවන් වෙනුව්න් දිවා කාලයේ පමණක් නොව රාත්‍රී කාලයේ පවා අතිරේක පංති පවත්වමින් ආචාර්ය මණ්ඩලය ශරුවන් වෙනුවෙන් සිදුකරන ස්මිල මෙහෙය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුමය.
විෂය සමගාමී කටයුතු වල්දී විද්‍යාකර මහවිද්‍යාලීය දරුවන්ගේ දස්කම් සමස්ත ලංකා මට්ටමට ගෙනටාමට අග් ආචාර්ය මණ්ඩලය සමස්ත්ව සිටී. සියලුම සෞන්ස්ද්ර්ය විශ්යන් ක්‍රීඩා සහ ඉංග්‍රීසි සිංහල භාෂාවලින්ද අනෙක් සියලුම විෂ්යන්ගේද විෂය සමගාමී කටයුතු සදහා දරුවන් පූජා කරවීමට ආචාර්ය්ය මණ්ඩලය අපමණ වෙහෙසක්ගනිති.
පාසලට බලවත් අඩුවක්ව පැවැති පාසලේ නිල වෙබ් අඩවිය නිර්මාණය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඒ සදහා මග පෙන්වන ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමජිකාවන් මේ මොහොතේ ගන්නවූ මෙහෙය ගෞරවයෙන් සිහිපන්ත් කළ යුතුය. Sesip වැඩසටහන යටතේ නව නිපැයුම් සාමාජය නව ලෝකයට ගැලපෙන නව නිපැයුම් බිහි කිරීමට ගන්නා උත්සහායයද අග්ය කළ යුතුය
.
පූර්ණ පෞරුෂයකින් හෙබි යහපත් පුරවැසියෙකු සමාජයට දායාද කිරීමට හැම විටම කැපවී කටයුතු කරන විදුකර පවුලේ සියලුම දෙනා ඇගයීමට මෙහෙය අවස්ථාවත් කර ගනිමි.
යූ.සී.වතුකාරවත්ත මයා,
විද්‍යාකර මහා විද්‍යාලය .