- දිනපතා පාසල් පැමිණිය යුතුයි.පංතිභාර ගුරුවරයාට පෙර දැනුම්දීමකින් තොරව නොපැමිණි සෑම දිනකම නොපැමිණීමට හේතුව මව/ පියා/ භාරකරුගේ අත්සන සහිත ලියුමක් නැවත පැමිනෙණ පලමු දිනයේම පංතිභාර ගුරුවරයාට ඉදිරිපත් කල යුතුය.
- අසනීපව දින තුනකට වැඩිය නොපැමිණි විට වෛද්‍ය සහතිකයක් ඉතිරිපත් කල යුතුය.
- අඛන්ඩ අනුමැතියකින් තොරව මාස දෙකකට වැඩි කාලයක් පාසලට නොපැමිණී විට පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කෙරේ.
- පෙ.ව.7.25 ට පෙර පාසලට පැමිනීමට සෑම ශිෂ්‍ය/ශිෂ්‍යාවක්ම වග බලා ගත යුතුය. දැනුම් දීමකින් තොරව පෙ.ව.8.00 න් පසුව ප්‍රමාදව පැමිනෙණ සිසුන් පාසලට ඇතුලත් කරගනු නොලැබේ.
- ආපන ශාලාවේ හෝ පංති කාමරයෙන් පිටත රැදී සිටිය හැක්කේ පාසල ආරම්භයට පෙර හා විවේක කාලයේදී පමණී.
- ක්‍රීඩා කිරීම ක්‍රීඩා පිටිය තුළ පමණක් සිදුවිය යුතු අතර එය ගුරුවරයෙකුගේ අධීක්ෂණ යටතේ සිදුවීම අනිවාර්‍ය වේ.
- අත්‍යාවෂ්‍ය උවමනාවක් සදහා පංති කාමරයෙන් බැහැර වීමේදී " බැහැරයාමේ අවසර පත්‍රය " (Exit Card) ළග තිබිය යුතුය.
- අනවසරයෙන් පාසලෙන් බැහැරව යාමට කිසිදු ශිෂ්‍යයෙකුට අවසර නොමැත.
- සියලුම සිසුන් අන්‍යෝන්‍ය ගරුත්වයෙන් යුතුව හැසිරිය යුතුය. කිසිම ආකාරයකින් හිංසාකාරී ක්‍රියාවක නොයෙදිය යුතු අතර කණ්ඩායම් වෂ්යෙන් සංවිධානය වී කලහ කර නොගත යුතුය.
- මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි බුලත් විට වැනි ද්‍රව්‍ය පාසලට රැගෙන ඒම ළග තබා ගැනීම හා පාවිච්චි කිරීම සපුරා තහනම් වේ.
- ජංගම දුරකථන පාසලට රැගෙන ඒම හා ළග තබා ගැනීම සියලුම ශිෂ්‍ය/ ශිෂ්‍යාවන්ට සම්පූර්ණයෙන්ම තහනම් වේ.
- අත්‍යවශ්‍ය ම අවස්ථාවක දෙමාපියන්ගේ ලිඛිත අවසරයක් අවසරයක් සහිතව පහසුකම් අඩු, කථා කිරීමට පමනක් හැකි සාමන්‍ය දුරකථනයක් උදෑසන පාසලට පැමිණි විගසම ක්‍රියා විරහිත කර පංතිභාර ගුරුභවතා භාරයේ තබා පාසල නිමවන විට නැවත භාර ගත හැකිය.
- CD පට Pen Drive , Chip, Memory Card ආදිය පාසලට රැගෙන ඒම හෝ ළග තබා ගැනීම කළ හැක්කේ විදුහලේ පරිගණක අංශයේ පූර්ණ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවය.
- විදුහලේ පොදු දේපල ආරක්ශා කළ යුතු අතර ඒවාට හානි කිරීම හෝ හානි කිරීමට අනුබල දීම වරදකී.
- පාසල් කලය තුල පිටත සිටින බාහිර පුද්ගලයන් සමග ද්‍රව්‍ය හෝ අදහස් හුවමාරු කිරීම නොකල යුතුය.
- පාසල් වේලාවෙන් පසුව පාසල් භූමිය තුල රැදී සිටිය හැක්කේ ගුරුවරයෙකු හෝ පුහුණු කරුවෙකුගේ අධීක්ෂණය යටතේ විධිමත් අවසරයක් සහිතවය.
- පාසල් පරිශ්‍රයෙන් පිටතදී ද පාසල තුළදී මෙන් විනයගරුකව හැසිරිය යුතු අතර තමා පිළිබදව නරක ආරංචි වාර්තා නොවීමට වග බලා ගත යුතුය.
- පාසල් බස් රථය තුළදී මෙන්ම පොදු ප්‍රවාහන සේවාවන්හිදී ද විදුහල් මාතාවගේ කීර්තිය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
- විවිධ කණ්ඩායම් වලට එකතු වී නරක මිතුරන් ඇසුරු කිරීමෙන් වැළකී සිටිය යුතුය.
- විද්‍යාලයෙන් පිටතදී ද විදුහලේ කීර්තිය හා ගෞරවය කෙළෙසෙන පරිදි කිසිදු ක්‍රියාවකට සම්බන්ධ නොවිය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි