රාම රාවණා කතා පුවත හා සබැදි දිගු ඉතිහාසයකට හිමිකම් කියන්නාවූ ද දර්ශනීය කදු වළල්ලකින් ද වටව පිහිටි සශ්‍රීක ඕපනායක නම් සුන්දර නගරය මධ්‍යයෙහි විරාජමානව බබළන විද්‍යාකර මහා විද්‍යාලය අවට ගම් රැසක දූ පුතුන්ගේ නැණපහන් දල්වන්නා වූ උතුම් තක්සලාවකි.
එකල ග්‍රාමීය ප්‍රදේශයක්ව පැවති ඕපනායක ප්‍රදේශයේ දූ පුතුන්ට අධ්‍යාපනය ලබා දීමේ අරමුණ මත 1889.05.15 දින දැනට පාසල පිහිටි ස්ථානයට මදක් දුරින් පොල් අතු සෙවිලි කල මඩුවකින් ඇරඹි මෙම පාසල පසුව වත්මන් පාසල පිහිටි ස්ථානයට ගෙන එන ලදී.
ආරම්භයේදී ගැහැණු හා පිරිමි වශයෙන් පාසල් දෙකක්ව පැවති මෙම විද්‍යාලය 1957 දී මිශ්‍ර පාසලක් බවට පත් වූ අතර වරින් වර විවිධ වෙනස්වීම් වලට ලක්වෙමින් 1961 වර්ෂයේදී මහා විද්‍යාලයක් ලෙස උසස් කරන ලදි. මෙම අඩවියේ විද්‍යාලයීය ක්‍රීඩා පිටිය වෙනුවෙන් ඉඩම් පරිත්‍යාගයක්ද සිදුවූ අතර ම එකල පාසලේ මුලසුන හෙඹවූ එම්.ඩ්බ්.පී.ඩී.වික්‍රමසිංහ මැතිතුමා තමා අධ්‍යාපනය ලැබූ මහරගම විද්‍යාකර පාසල සිහිවීම පිණිස විද්‍යාකර යන නාමය මෙම පාසලට තැබූ බව සදහන් ය.
1983 වර්ශයේ විදුහල්පති ලෙසින් පත් වූ ආර්.ඒ.ගුණපාල මැතිතුමා පාසලේ දියුණුව වෙනුවෙන් ඉමහත් කැපවීමෙන් කටයුතු කල අතර පර්ෂද මූලස්ථ පාසලක් ලෙසින් විද්‍යාලය උසස් කිරීමට එතුමාට හැකිවිය.
1991 වර්ශයේ විදුහල්පති ලෙසින් පරිපාලන කටයුතු භාරගත් රංජිත් ගලබඩ මැතිතුමාගේ වසර 16 ක සේවා කාලය තුල පාසල ශීග්‍ර දියුණුවක් කරා යොමු කර වීමට එතුමාට හැකිවිය. පාසල තුළ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් විනයගරුක පාසලක් ලෙසින් ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් බවට විද්‍යාකරය පත් වූයේ එතුමාගේ එම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
2007 වර්ෂයේ විදුහල්පති ලෙසින් පත් වූ පූජ්‍ය මාදොල සෞගත හිමිපාණන්ගේ සේවාකාලය තුල පාසල ඉසුරු පාසලක් ලෙසින් සංවර්ධනය වූ අතරම පහ වසර ශිෂ්‍යත්ව සමතුන්ගේ සංඛ්‍යාව 16 සීමාවේ සිට 30 දක්වා වර්ධනය වීම අධ්‍යානයෙන් ලැබූ විශාල ප්‍රගතියකි. 2009 වර්ශයේ සිට ප්‍රාථමික අංශය වෙනම පාසලක් බවට පත්වී මෙම පාසල ද්විතියික පාසලක් ලෙසින් සංවර්ධනය වෙමින් සබරගමුව පලාතේ ඉසුරු පාසල 10 අතර මූලිකස්ථානයට පත් විය.
2013 වර්ශයේ සිට මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ සංවර්ධනය වන පාසල් දහස අතරට ඒමට හැකි වීම පාසල ලද සුවිශේෂී ජයග්‍රහණයකි. දෙමහල් විද්‍යාගාරයක් සහිතව අ.පො.ස උසස් පෙළ විද්‍යා විශය ධාරාව ආරම්භ වූයේද මෙම වර්ශයේද. මේ යටතේ පාසලට එක් වූ නව ඒකක අතර මහිදෝදය තාක්ෂණ විද්‍යාගාරය, සෞන්දර්‍ය ඒකකය හා නවීකරනය කරනු ලැබූ කෘෂි ඒකක වැදගත් ය. පරිගණක 66 ක් සමගින් ලැබූ මෙම සම්පත්වල වටිනාකම කෝටි ගණනකි. 2018 වර්ශයේ අගෝස්තු මාසයේ සිට නව විදුහල්පති ලෙසින් පත් වූ යූ.සී.වතුකාරවත්ත මැතිතුමා විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් විදුකරය ප්‍රදේශයේ මෙන් ම බලංගොඩ කලාපයේ ද දීප්තිමත් පාසලක් බවට පත්කරලීමට කටයුතු මෙහෙයවමින් සිටී. 2018 වර්ශයේ අ.පො.ස සා.පෙළ සමත් ප්‍රතිශතය 85% දක්වා වර්ධනය කරමින් වැලිගෙපොළ කොට්ඨාසයේ ඉහළම ප්‍රතිපල වාර්තා කිරීමට හැකිවීම වත්මනෙහි පාසල ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.
වත්මනෙහි පාසල ලැබූ විෂයය සමගාමී ජයග්‍රහණ රැසකි. වැලිගෙපොළ කොට්ඨාසයේ ඕපනායක කොටසේ පාසල් ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමද සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය ඇතුළු ජයග්‍රහණ රැසක් ලබා ගැනීමත් සමස්ත ලංකා ඒකල මගුල් බෙර වාදන තරගයේ සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීමත් ඒ අතරින් කිහිපයකි.
අභියෝග ජය ගනිමින් දිනෙන් දින ඉදිරි පියවර තබමින් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට විදුකරයට සෑම විටම ශක්තිය ලබා දෙන පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය අගය කළ යුතුය.
දිරිය නැණ ගුණ සපිරි සිසු කැළක් බිහිකිරීමේ උදාරතර දැක්ම යටතේ අනාගත වැඩ ලෝකයට අවැසි නිපුණතා සපිරි සිසු පිරිසක් දැයට දායාද කිරීමේ ඒකායන පරමාර්ථය පෙරදැරිව කටයුතු කරන මෙම පාසල සදහා පාසල් ප්‍රජාවගෙන් ලැබෙන්නා වූ සහාය අතිමහත්ය. පාසලට මෙන්ම රටට හා දැයට සෙනෙහස දක්වන දෑහිතකාමී සිසු පරපුරක් බිහිවන අතරම කලාපයේ පාසල් අතර දිදුළන පාසලක් ලෙසින් ජනාදරයට පත් වේවායි යන්න විතුකර අපගේ ප්‍රර්ථනාවයි.....!!
|
ආරම්භ කළ වර්ෂය |
1889 ජුනි 15 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
- |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
- |
|
මුල් ගුරුතුමාගේ නම |
- |
|
පාසලේ ආදි කතෘගේ නම |
- |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
- |
|
පාසලේ නම |
විද්‍යාකර මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
- |
|
පාසල රජයට පවරාගත් දිනය |
- |
|
පාසල පැවැත්වූ ස්ථානය |
- |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
- |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
- |