![]() |
![]() |
![]() |
එකල ග්‍රාමීය ප්‍රදේශයක්ව පැවති ඕපනායක ප්‍රදේශයේ දූ පුතුන්ට අධ්‍යාපනය ලබා දීමේ අරමුණ මත 1889.05.15 දින දැනට පාසල පිහිටි ස්ථානයට මදක් දුරින් පොල් අතු සෙවිලි කල මඩුවකින් ඇරඹි මෙම පාසල පසුව වත්මන් පාසල පිහිටි ස්ථානයට ගෙන එන ලදී.ආරම්භයේදී ගැහැණු හා පිරිමි වශයෙන් පාසල් දෙකක්ව පැවති මෙම විද්‍යාලය 1957 දී මිශ්‍ර පාසලක් බවට පත් වූ අතර වරින් වර විවිධ වෙනස්වීම් වලට ලක්වෙමින් 1961 වර්ෂයේදී මහා විද්‍යාලයක් ලෙස උසස් කරන ලදි. මෙ.ම අඩවියේ විද්‍යාලයීය ක්‍රීඩා පිටිය වෙනුවෙන් ඉඩම් පරිත්‍යාගයක්ද සිදුවූ අතර ම එකල පාසලේ මුලසුන හෙඹවූ එම්.ඩ්බ්.පී.ඩී.වික්‍රමසිංහ මැතිතුමා තමා අධ්‍යාපනය ලැබූ මහරගම විද්‍යාකර පාසල සිහිවීම පිණිස විද්‍යාකර යන නාමය මෙම පාසලට තැබූ බව සදහන් ය.1983 වර්ශයේ විදුහල්පති ලෙසින් පත් වූ ආර්.ඒ.ගුණපාල මැතිතුමා පාසලේ දියුණුව වෙනුවෙන් ඉමහත් කැපවීමෙන් කටයුතු කල අතර පර්ෂද මූලස්ථ පාසලක් ලෙසින් විද්‍යාලය උසස් කිරීමට එතුමාට හැකිවිය
